brand logo
logo
ජල ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් ආහාර පාන මිල ඉහළට

ජල ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් ආහාර පාන මිල ඉහළට

03 August 2023

ජල ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් ආහාරපාන වර්ගවල ද මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.


එම සංගමයේ සභාපති අසේල සම්පත් පැවසුවේ ආපනශාලාවල වැඩි ජල පරිභෝජනයක් සිදුවන බැවින් ජල ගාස්තු සංශෝධනය හරහා වැඩිවන මුදල පාරිභෝගිකයින්ගෙන් අය කිරීමට සිදුවන බවයි.


ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් විසින් අගෝස්තු 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු ඉහළ දමමින් ගැසට් නිවේදනය නිකුත් කළේය.


සමෘද්ධි සහ අඩු ආදායම් ලාභී පවුල් සඳහා පමණක් යම් සහනයක් ලබා දී තිබේ.

 

More News..