දින 14ක් යනතුරු අලුත් සුරතලුන්ට ලීලෙ එපා
21 September 2023 | වරුණි පෙරමුණ
දින 14ක් යනතුරු අලුත් සුරතලුන්ට ලීලෙ එපා
21 September 2023 | වරුණි පෙරමුණ
නිවෙසට අලුතින් හදාවඩා ගැනීමට ගන්නා බල්ලන්,පූසන් වැනි සුරතල් සතුන් දින දාහතරක් යනතුරු තම සමීපයට නොගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
සැප්තැම්බර් මස විසිඅට වැනිදා ජලභීතිකා දිනයට සමගාමීව ඊයේ (20 දා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් වෛද්‍යවරු මේ බව ප්‍රකාශ කළහ.
මේ වසරේ මේ දක්වා කාලය තුළ ජලභීතිකා රෝගය වැලඳී පුද්ගලයන් දොළොස්දෙනකු මියගොස් ඇති බව මෙහිදී අදහස් දක්වමින් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ පැවසුවේය.
මින් රෝගින් අටදෙනකුම මියගොස් ඇත්තේ නිවෙස්වල සුරතලයට ඇතිකරනු ලබන සුනඛයන් සපා කෑමෙන් බව හෙතෙම සඳහන් කළේය.
එමෙන්ම වසරකට ජලභීතිකාව සෑදී පුද්ගලයන් විසිපහක් තිහක් අතර පිරිසක් මිය යන බවද සෞඛ්‍ය අමාත්‍යංශයේ ජලභීතිකා මර්දන අංශය සඳහන් කරයි .
තවද සියලු ක්ෂිරපායී සතුන් සපා කෑමෙන් ජලභීතිකා රෝගය වැලඳීමේ අවදානමක් ඇති බවද ප්‍රජා විශේෂඥ වෛද්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය .
පසුගිය කොවිඩ් සමයේ සුනඛයන්ගේ වන්ද්‍යාකරණ කටයුතු සිදුකිරීම අඩාළ වුවද මේවන විට එම කටයුතු සිදුකරනු ලබන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සුනඛයකු නිවසෙහි ඇති කිරීමට ගන්නේනම් සති හතරක කාලයක් ගතවීමට පෙර ජලභීතිකා එන්නත ලබාදීමට කටයුතු කළ යුතුය.
එසේම සුනඛයකු සපා කෑවිට විනාඩි දහයක කාලයක් සබන් දා එම ස්ථානය සෝදා පිරිසුදු කළ යුතු අතර ඉන් පසු කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම වැදගත් බව වෛද්‍යවරු අවධාරණය කර සිටිති.
පසුගිය වසර දහයක කාලය තුළදී ජලභීතිකාව සෑදී මිය ගිය සියලු පුද්ගලයන්ගෙන් 100% මියගොස් ඇත්තේ ඒ සඳහා නිසි ප්‍රතිකාර ලබා නොගැනීමෙන් බවද වෛද්‍යවරු පෙන්වා දෙති.