කාන්තාවන් සවිබල ගැන්වීමේ විසි වසරක MAS මෙහෙයුම
23 January 2024
කාන්තාවන් සවිබල ගැන්වීමේ විසි වසරක MAS මෙහෙයුම
23 January 2024
මානව සම්පත තරම් වටිනා සම්පතක් ලොව තවත් නැති තරම්. ඒ අතරිනුත් කාන්තාව කියන්නේ අපට සිටින සුවිශේෂම සම්පතක්. රටක් විදිහට අපි ඒ සම්පතේ වටිනාකම හඳුනාගෙන තිබෙනවාද? අද වන විට අපේ රටේ ජනගහනයෙන් වැඩිම ප්‍රතිශතයක් සිටින්නේ කාන්තාවන්. නමුත් මේ වටිනා මානව සම්පත අපි අපේ රටේ, සමාජයේ යහපත වෙනුවෙන් ප්‍රයෝජනයට ගන්නවාද?
සාම්ප්‍රදායික කාන්තාව සහ වත්මන් කාන්තාව
අද වන විට ලෝකයේ කාන්තාවට සමගාමීව වේගවත් අයුරින් නොවුනත්, කිසියම් ධනාත්ම වෙනසක් අපගේ කාන්තාව තුළ ද සිදුවෙමින් පවතිනවා. විශේෂයෙන් සාම්ප්‍රදායික සමාජය තුළ නිවසට කොටු වෙමින් යැපෙන්නියක් බවට පත්ව සිටි කාන්තාව අද වන විට ස්වාධීනත්වට පත්ව ඇත. ඇතැම් අය පවුල පෝෂණය කරනා තත්වයට පරිවර්තනය වී තිබෙනවා. ඒ වගේම සිය ජීවිත අපේක්ෂාවන් ජයගැනීම වෙනුවෙන් ස්වාධීනව සිතමින්, ඒ වෙනුවෙන් කටයුතු කිරීමට යොමු වී තිබෙනවා. මෙයට සමාජයක් විදිහට ඉතාමත් ධනාත්මක තත්වයක්. මේ කාර්යයේදී අපේ කාන්තාවන් ඉතා සුවිශේෂ කාර්යයක් සිදුකර තිබෙනවා. එහිදී කාන්තාවන් විදිහට අභියෝග වලට සාර්ථකව මුහුණදෙමින්, සිය ශක්තිය වර්ධනය කර ගනිමින්, අභීතව නැඟීසිටීම අප සැම ඇගයිය යුතු කරුණක්.
කාන්තාව සවිබල ගැන්වීමේ MAS මෙහෙයුම
කාන්තාව කියන්නේ ශක්තීන් රැසකින් සමන්විත කෙනෙක්. නමුත් බහුතරයක් කාන්තාවන්ට තිබෙන ගැටළුව වන්නේ ඔවුන්ට ඔවුන්ගේ ශක්තිය පිළිබඳව අවබෝධයක් හෝ තක්සේරුවක් නොමැති වීමයි. මේ නිසා ඔවුන් වෙත නිවැරදි මගපෙන්වීමක් සැපයීම තුළින්, ඔවුන්ට ඉතා වෙගවත් අයුරින් ඉලක්ක කරා ගමන් කරවීමේ හැකියාව ඇත. මේ කාර්යයේදී MAS ආයතය සිය කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් දියත් කරනු ලබන්නේ සුවිශේෂී වූ සේවාවවන් රැසකි. විශේෂයෙන් කාන්තාවන් සවිබල ගැන්වීම තුළින් සම්මුතීන්ට අභියෝග කරනා සහ අභියෝගයන්ට ඔරොත්තු දීමේ හැකියාව ඇති කාන්තාවන්ට අත්වැලක් වීම ඇතුලු සමාජ සත්කාර්යයන් රැසක නිරත මෙම ආයතනය, කාන්තාව වෙත අපමණ වූ අගයක් ලබාදිමට සත්වූ ආයතනයකි.
මේ ඇගේ කතාවයි
MAS ආයතනය සෙවනේ හැදී වැඩී ජීවිතය ජයගත් අපමණ දිරිය කතුන් අතර ඇය, නිල්මිණී වේරගොඩ ය. මෙයට වසර 13කට පෙර 'කොග්ගල යුනිචෙලා' ආයතනය වෙත පැමිණි ඇය, අද දිනයේදී ඇය පවා අපේක්ෂා නොකළ ආකාරයේ සුවිශේෂ ජයග්‍රහණ රැසක් ලබාගනිමින් සාර්ථක වෘත්තියවේදිනියක් වගේම ව්‍යවසායිකාවක් බවට පත්ව ඇත.
''මට මාව හරිහැටි හඳුනාගන්න අවස්ථාව ලබාදුන්නේ කොග්ගල යුනිචෙලා ආයතනය කියන එක මුලින්ම කිව යුතුයි. එතනදී 2015 වසරෙදි 'අභිමානී' සවිබල ගැන්වූ කාන්තාවක් විදිහට මා තේරීම මගේ ජීවිතයේ විශාල වෙනසක් ඇතිකලා වගේම මට නව අගයක් එකතු කිරීමට හැකියාව ලැබුනා. එතනදී මට මං ගැනම වෙනස් විදිහට බලන්න හැකියාව ලැබුනා. ඒ වගේම මට මා තුළ මම හිතනවාට වඩා ශක්තියක් සහ හැකියාවක් තිබෙන බව අවබෝධ වුනා. විශේෂයෙන් 'කාන්තාවන් පෙරමුණටම' වැඩසටහන මගින් හන්තානෙ සහ තුල්හිරිය ප්‍රදේශයේ පවත්වපු 'අභිමානි' නායකත්ව වැඩසටහන් වලින් මම ඉගෙනගත්ත වැදගත්ම දේ තමයි, නායකත්වයට ගැහැණු පිරිමි භේදයක් නැතිබව.'' මේ අවබෝධය සහ මගපෙන්වීම අද වන විට ව්‍යවසායිකාවක් ලෙස ශක්තිමත් ගමන් ඒමට ඇයට මනා පිටුවහලක් වී ඇත.
ඔබේ හැකියාවට නව අගයක්
ඔබට නව අගයක් එක් කරගැනීමට නම් ඔබ සතුව කුසලතා තිබිය යුතුය. එසේත් නොමැතිනම් කුසලතා වර්ධනය කරගත යුතුය. MAS ආයතනය සතු සුවිශේෂත්වය වන්නේ ඔබට ඔබ කැමති කෙනා වීමට අවශ්‍ය පරිසරය සකසා දීම සහ ඒ සඳහා ඔබ තුළ පවතින කුසලතාවන් සහ හැකියාවන් වර්ධනය කිරීමයි.
''මේ වගේ වැඩසටහන් වලින් පුද්ගලයෙක් මේ තරම් වෙනස් කරන්න පුලුවන්ද කියල හිතෙන තරමට පුදුමයක් අද මට දැනෙනවා. මොකද මම මේ ආයතනයට සම්බන්ධ වෙනකොට බොහොම ලැජ්ජාශීලි, කිසිම දේකට ඉදිරිපත් නොවෙන කෙනෙක් විදිහටයි හිටියෙ. නමුත් 'අභිමානි' සහ 'කාන්තාවන් පෙරමුණටම' කියන වැඩසටහන් තුළින් අපට ලෝකය ජයගත් කාන්තාවන්ගේ ජීවිත කතා අහන්න දකින්න ලැබුනා. මේ තුළින් මට මාව වෙනස් කරගත යුතුයි කියන අදහස මුලින්ම ආව. ඉන් පසුව මේ වැඩසටහන් තුළින් මාව වෙනස් කරගන්නේ කොහොමද කියන අවබෝධය ලැබුනා. එතනදී ගමෙන් ආපු සබකෝලෙන් පිරුණු කාන්තාවක් විදිහට මම, හිතන පතන විදියේ වෙනසක් සහ ශක්තිමත් අරමුණක් ඇතිකර ගන්නත්, ඒ වෙනුවෙන් කැපවීමත් අවශ්‍ය බව මට අවබෝධ වුනා. ඒ ඔස්සේ මට මාව ජගැනීමේ අවස්ථාව උදාවුනා."
ව්‍යවසායිකාවක් ලෙස පෙරටම
ජීවිතය ජයගැනීමට ඇති ඇයගේ ආශාව නිසාම ඇය අමතර ආදායම් ඉපයීමේ මාර්ගයක් ලෙස ආයුර්වේද තෙල් නිෂ්පාදනයට යොමු විය. මෙය භාණ්ඩයක සිට ව්‍යාපාරයක් දක්වා වර්ධනය කරගැනීමට ඇයගේ හිතේ කොනක බලාපොරොත්තුවක් තිබුනද, එයට අවශ්‍ය දැනුම සහ මගපෙන්වීම ඇයට තිබුණේ නැහැ.
''අභිමානි'' වැඩසටහනට අයදුම් කරන කාලේ මම තෙල් නිෂ්පාදනය කලේ භාණ්ඩයක් විදිහටයි. නමුත් මේක ව්‍යාපාරයක් දක්වා වර්ධනය කර ගැනීමට අවශ්‍ය දැනුම සහ මගපෙන්වීම ලැබුනේ 'කාන්තාවන් පෙරමුණටම' කියන වැඩසටහන තුලින්. මේකෙන් අපිට ව්‍යාපාර සම්බන්ධයෙන් පුර්ණ අවබෝධයක් ලබාදුන්නා වගේම ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේ සිට එය කළමනාකරණය කරගැනීම දක්වා විශාල දැනුමක් ලබාදුන්නා. අද වෙනකොට මම මගේම ව්‍යාපාරික ස්ථානයක් වෙනුවෙන් ආයෝජනය කරලා සාර්ථක අයුරින් ව්‍යාපාරය කරගෙන යනවා. ඒ වගේම MAS ආයතනය මඟින් පුහුණුකරුවන් සහ උපදේශකවරුන් සම්බන්ධකර දෙමින් මට සාර්ථකව ව්‍යාපාර කටයුතු වල නිරතවෙන්න අවස්ථාව ලබාදෙනවා.''
පරිපූර්ණ කාන්තාවක් ලෙස
''MAS ආයතනය තුළ තිබෙන ලර්නින්ග් කල්චර් එක මට මගේ ගිලිහී ගිය අධ්‍යාපන සිහිනය නැවත අරඹන්න විශාල බලපෑමක් වුනා. ඒ ඔස්සේ මේ වෙනකොට මම මගේ ව්‍යාපාරයටම අදාළව ආයුර්වේද නිෂ්පාදන සම්බන්ධ ප්‍රායෝගික අධ්‍යයනයක නිරතවෙමින් සිටිනවා. අවුරුද පහක කාලයක් තුළ ව්‍යාපාර ඉලක්කයක් නිර්මාණය කරගනිමින් අද වෙනකොට ඉතා සාර්ථක ගමනක් ඒමට මට හැකිවෙලා තිබෙනවා. මම මේ ආයතනයට සම්බන්ධ වීමට ගත් තීරණයේ සිට අද දක්වා ආයතනය තුළ වෘත්තිය වශයෙන් සහ පුද්ගලික වශයෙන් මා ලැබූ සියලුම ජයග්‍රහණ පිටුපස ඇති යෝධ ශක්තිය MAS ආයතන යි. මාව ශක්තිමත් කරමින් අද මා සිටින තැනට මට ඒමට හැකිවීම සම්බන්ධයෙන් මට මා ගෙැනම තියෙන්නේ නිහතමානී ආඩම්බරයක්.''
ඇගෙන් සමාජයට
''මගේ සාර්ථකත්වය මට පමණක් නොවේ, අනෙක් අය සමග බෙදාගැනීම මට විශාල සතුටක් ගෙන දෙන දෙයක්. මේ නිසා මගේ සේවා ස්ථානයේ වගේම ගමේ කාන්තාව විශාල පිරිසකට ඔවුනගේ ජීවිත සාර්ථක කර ගැනීමට අවශ්‍ය සහයෝගය ලබාදීමට මම කටයුතු කරනවා. ඒ ඔස්සේ මගේ මගපෙන්වීම තුළින් මා සේවය කරන ආයතනයේ සාමාජිකාවන් කීපදෙනෙක්ම නව ව්‍යාපාර ආරම්භ කිරීමට යොමුවී තිබෙනවා. ඒක මම මගේ ජීවිතේ ලබපු තවත් විශාල ජයග්‍රහණයක්.''
අප ශක්තිමත් වන්නේ අප වටා සිටිනනවුන් ශක්තිමත් වූ විටය. ශක්තිමත් පුද්ගලයෙක්, සමාජයක් යනු රටකට සම්පතකි. කාන්තාවන් තුළ ශක්තියේ ගිණි පුළිඟු අවුලා ලමින්, MAS ආයතනය මගින් සිය කාන්තාවන් සවිබල ගැන්වීම වෙනුවෙන් සිදුකරණ මෙම කාර්යය, හෙට දිනයේ දී රටේ සියලු කාන්තාවන් හට මනා පිටුබලයක් වනු නිසැකය.