මෙරට ටින් මාලුවලට එස්.එල්.එස්. අනිවාර්ය කරයි
05 March 2023
මෙරට ටින් මාලුවලට එස්.එල්.එස්. අනිවාර්ය කරයි
05 March 2023
දේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලබන ටින් මාළු වෙළෙඳ පොළට නිකුත් කිරීම සඳහා ශ්රී ලංකා ප්රමිති ආයතනයේ සහතිකය අනිවාර්ය බව ශ්රී ලංකා ප්රමිති ආයතනය නිවේදනය කර ඇත.
ශ්රි ලංකා ප්රමිති ආයතන සඳහන් කරන්නේ ඕනෑම භාණ්ඩයකට එස්.එල්
එස්. ලබා දීමේදී ශ්රී ලංකා ප්රමිති ආයතනය මගින් නිසි ක්රමවේදයක් අනුගමනය කරන බවයි.
එස්.එල්.එස්. ලාංඡනය නොමැති දේශිය නිෂ්පාදිත ටින් මාළු වෙළඳපොලේ පවතින්නේ නම් එය නියාමනය කිරීම පාරිභෝගික අධිකාරිය සතු බවත් එම නිවේදනයේ සඳහන්ව ඇත.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ දේශීය ටින් මාළු නිෂ්පාදන ආයතන දාහතරකට අයත් වෙළඳ නාම තිස්හතක් සඳහා ශ්රී ලංකා ප්රමිති ආයතනයේ සහතිකය ලැබි ඇති බවය.