brand logo
logo
බොරැල්ලේ ගස් 97ක් කඩා වැටෙන්න ඔන්න මෙන්න

බොරැල්ලේ ගස් 97ක් කඩා වැටෙන්න ඔන්න මෙන්න

16 December 2023 | සාලිය කුමාර ගුණසේකර

කඩා වැටීමේ අවදානමක් සහිත වැඩිම ගස් ප්‍රමාණයක් ඇත්තේ බොරැල්ල ප්‍රදේශය ආශ්‍රිතව බව කොළඹ මහ නගර සභාව සඳහන් කරයි.


ඒ අනුව බොරැල්ල ප්‍රදේශය ආශ්‍රිතව අවදානම් සහිත ගස් 97ක් හඳුනා​ගෙන තිබේ.


කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ අවදානම් සහිත ගස් 329ක් හඳුනාගෙන ඇත.


මේ දිනවල පවතින වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගස් කඩා වැටීමේ අවදානම ඉහළ ගොස් ඇති අතර කොළඹ නගරයේ අවදානම් සහිත ගස් 360ක් පිළිබඳව මහජනතාව සහ පොලිසිය විසින් කොළඹ මහ නගර සභාවට දැනුම් දී ඇත.


මේ වන විට කොළඹ නගරයේ අවදානම් සහිත ගස් 214ක් ඉවත් කර ඇතැයිද කොළඹ මහ නගර සභාව කියයි.


කොළඹ නගරයේ තිබෙන අවදානම් ගස් සම්බන්ධයෙන් ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ විශේෂඥයින් කණ්ඩායමක් විසින් පසුගියදා පරීක්ෂාවට ලක් කළ අතර ඒ අනුව එහිදී ගස් 700ක් පරීක්ෂාවට ලක් කර ඇත.


දිවයිනේ ඕනෑම නගරයක තිබෙන අවදානම් සහිත ගස් ඉවත් කිරීමට කටයුතු කරන බවත් ඇතැම් ගස් කැපීම සඳහා නිර්දේශ ලබා ගැනීමේදී ගැටලු තත්ත්වයන් මතුවන බව පළාත් හා පළාත් පාලන රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර පැවසුවේය.


 

More News..