ජනපතිගෙන් නත්තලට සුබ පැතුම්
25 December 2023
ජනපතිගෙන් නත්තලට සුබ පැතුම්
25 December 2023
රට හමුවේ ඇති අභියෝග සැබෑ ලෙසම හඳුනා ගනිමින් තම වගකීම් ඉටු කිරීමට සියලු දෙනා එක්වෙමු යැයි ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ඒ, නත්තල් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ය.
අභියෝග රාශියක් තම කර මතට කඩා වැටුණු සමයක අප මෙවර නත්තල සමරන්නෙමු යන්න එම පණිවුඩයේ දැක්වෙයි.
නත්තල යනු බලාපොරොත්තුවේ මංගල්‍යයයි. “කඳුළින් සුසුමෙන් පීඩිතව අන්ධකාරයේ ඇවිද ගිය ජනතාව මහත් ආලෝකයක් දුටුහ.” එම බලාපොරොත්තුව අලුත් කරන්නට අප සියලු දෙනාගේ වගකීම් සහ යුතුකම් ඉටු කරමින් රට තුළ නව බලාපොරොත්තු ඇති කරවන නත්තලක් අප සැමට උදා වේවායි ප්‍රාර්ථනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය සුබ පැතුම් පණිවුඩයේ සඳහන් කර තිබේ.
සකල මිනිස් වර්ගයා පවින් මුදාගනු වස් කුරුසියේ සිය ජීවිතය පූජා කළ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහි කරන නත්තල සැබෑ පරිත්‍යාගශීලි සමයක් බව ද එහි සඳහන් ය.
තමන්ට එරෙහි වූවන්ට, තමන්ට වින කළ වූවන්ට සමාව දෙන ලෙසත්, සියලු වෛරයන්, අමනාපයන් ඉවතලන ලෙසත් කිතුණු ආගමික ඉගැන්වීම්වලින් අපට කියා දෙන බව ජනාධිපතිවරයා පවසයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ නත්තල උත්සවශ‍්‍රීයෙන් සැමරීම තුළ බාහිර ආටෝපයක් දිස් වුවද, සැබෑ ලෙසින් ඇතුළාන්තයෙන්, අධ්‍යාත්මිකව අප තුළ යහපත් පරිවර්තනයක් සිදු නොවන්නේ නම් එය සැබෑ අරුත්බර නත්තලක් නොවනු ඇති බවයි.