brand logo
logo
සුර්ය බලයෙන් ක්‍රියාකරන යතුරුපැදි ගෙන්වීමේ සූදානමක්

සුර්ය බලයෙන් ක්‍රියාකරන යතුරුපැදි ගෙන්වීමේ සූදානමක්

10 January 2023 | හෂිනි කුලතුංග

මෙරට ත්‍රිරෝද රථ විද්‍යුත්කරණය කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර වශයෙන් යතුරුපැදි විද්‍යුත් කරණය කිරීමේ ව්‍යාපෘතියක්ද ආරම්භ කර තිබෙන බව මෝටර් රත ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.


ඉන්ධන භාවිතයක් නොමැති සූර්ය බලයෙන් විදුලි උත්පාදනය වන තාක්ෂණික ක්‍රමවේදයකින් යතුරුපැදි ගෙන්වීමට හා එකලැස් කිරීමට මෙමගින් අවධානය යොමුකර තිබෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පැවසීය.


පසුගිය වසර තුළ මෙරට ඇති වු ඉන්ධන අර්බුදය මූලි හේතුවෙන් මෙය ක්‍රියාත්මක කිරිමට තිරණය කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් (සංවර්ධන) කුසලානි ද සිල්වා පැවසුවාය.


මේ වන විට වාහන ආනයනය රජය නවතා ඇති අතර විද්‍යුත් වාහන ආනයන සඳහා පමණක් අවසර ලබා දී තිබේ. ඒ අනුව එහි මූලික පියවර වශයෙන් ත්‍රිරෝද රථ තුන්සියක් විද්‍යුත්කරණය කර ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට ආරම්භ කර ඇත්තේ එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහන සමග එක්ව නියාමක ව්‍යාපෘතියක් ලෙසිනි.


ඒ අනුව විද්‍යුත්කරණ කරනු ලැබු ත්‍රිරෝද රථ සඳහා පූර්ණ අනුමැතිය ලබා ගැනීමේ පහසුකම් ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති අතර මෙම ව්‍යාපෘතියේ දෙවන අධියර ලෙස යතුරු පැදි විද්‍යුත්කරණ කිරීමේ වැඩසටහනද ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. ඒ සම්බන්ධයෙන් වාහන විද්‍යුත්කරණය කරන සමාගම් නියෝජිතයන් ලබන (19) වැනිදා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය වෙත කැඳවා ඇත. ඒ සඳහා විද්‍යුත්කරණ කරනු ලබන මෙරට ආයතන සමාගම්ද වේරහැර මෝටර් රථ දෙපාර්තමේන්තුවට එක් විමට නියමිතය.

 

More News..