කොළඹ ළමුන් ගැන අනතුරු ඇඟවීමක්
03 November 2023
කොළඹ ළමුන් ගැන අනතුරු ඇඟවීමක්
03 November 2023
කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් අතර තරබාරුකම සැලකිය යුතු ලෙස ඉහළ යෑම පිළිබඳව සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවයි.
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සිදු කරන ලද නවතම සමීක්ෂණයට අනුව කොළඹ පාසල් ළමුන් අතර තරබාරුකම 8% ක් පමණ වන බවයි වාර්තා වේ.
සෞඛ්‍ය විශේෂඥයින්ට අනුව, ළමුන්ගේ තරබාරුකම සංකීර්ණ ආබාධයක් වේ.
මෑත වසරවලදී එහි ව්‍යාප්තිය කෙතරම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත්ද යත්, බොහෝ දෙනෙක් එය සංවර්ධිත ලෝකයේ ප්රධාන සෞඛ්‍යය ගැටළුවක් ලෙස සලකන බව ඔවුන් පවසයි.
ඕනෑම වයසකදී තරබාරුකම හේතුවෙන් දරුවන්ට ඔවුන්ගේ ජීවිතයේ අදියර කිහිපයකදී විශාල සංකූලතා වලට මුහුණ දීමට සිදුවන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ මාතෘ හා ළමා සෞඛ්‍යය අධ්‍යක්ෂ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා සඳහන් කළේය.
ළමා තරබාරුකම නිසා දෙවන වර්ගයේ දියවැඩියාව, අධි රුධිර පීඩනය, හයිපර්ලිපිඩිමියා, අක්මාව සහ වකුගඩු රෝග සහ ප්‍රජනන අක්රියතාවයට නැඹුරු වන බවයි වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙයි.
කාබෝහයිඩ්ට්‍රේට් බහුල ආහාර පරිභෝජනය ට සෘජු සම්බන්ධයක් ඇති බැවින් කොළඹ ළමුන් අතර තරබාරුකම ඉහළ යාමට හේතු වී ඇත්තේ පිටි ආශ්‍රිත නිෂ්පාදන අධික ලෙස ආහාරයට ගැනීම බව වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා පෙන්වා දෙයි.