brand logo
ඉරානය සමඟ මීට වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගන්නවා (වීඩියෝ)

ඉරානය සමඟ මීට වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගන්නවා (වීඩියෝ)

24 April 2024

ඉරානය සමඟ මීට වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.


ජනාධිපතිවරයා මේ බව පැවසුවේ උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමෙන් අනතුරුව පැවති උත්සව සභාව අමතමිනි.


"ඉරාන තාක්ෂණය සමග අපි උමා ඔයා අතු ගංගා මහවැලි ඔයට යවන්නේ නැතිව අතිරික්ත ජලය කිරිදිඔයට ගෙනල්ලා තියෙනවා. ඒක කරන්න පුළුවන් වුනේ ඉරානයෙන් ලබාගත්තු තාක්ෂණය නිසා. ඉරානයේ තාක්ෂණයයි, ආධාරයි නිසා අද මේ ප්‍රදේශ මේ ප්‍රදේශයට අවශ්‍ය ජලය ලබලා දීලා තියෙනවා. ඒ වගේම හම්බන්තොට දිස්ත්‍රික්කයේ අලුත් ආයෝජන කලාප ඇති කිරීමටද අප කටයුතු කරනවා.හම්බන්තොටට නව ආර්ථිකයක් අප ලබා දෙනවා. මේ නව තාක්ෂණය නිසා හෙක්ටයාර හය දහසක් අලුතින් වගා කරන්නට හැකියාව ලැබෙනවා. ඊළඟ මාස කීපයේ කිසිම ප්‍රශ්නයකින් තොරව ජල විදුලිය ලබාදීමට හැකියාව තිබෙනවා" යැයි ජනාධිපතිවරයා කීය.



 

More News..