brand logo
logo
බෝරා නායකයා ජනපති හමුවෙයි

බෝරා නායකයා ජනපති හමුවෙයි

04 March 2024

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් සිදුව තිබේ.


ජනාධිපතිවරයා සමඟ සුහද කථාබහක නිරත වූ බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකවරයා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ ඇගයීමට ලක් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.


බම්බලපිටිය බෝරා පල්ලිය ආශ්‍රිතව පැවැත්වෙන බෝරා සමුළුව මෙම වසරේදී පැවැත්වීම පිළිබඳව ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමු කර ඇති බව සඳහන්ය.


බෝරා ප්‍රජාව විසින් පසුගිය වසර 04ක් පුරා සිදුකළ ආගමික සේවාවන් ඇතුළු විවිධ වැඩසටහන් ඇතුළත් ග්‍රන්ථයක් ද ජනාධිපතිවරයා වෙත පිළිගන්වා තිබේ.


 

More News..