brand logo
logo
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සිව් නිවුන් දරු උපතක්

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සිව් නිවුන් දරු උපතක්

17 April 2023

කුරුණෑගල අටමුණේ ප්‍රදේශයේ පදිංචි මවක් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී දරුවන් සිව්දෙනෙකු ප්‍රසූත බිහිකර තිබේ.


පිරිමි දරුවන් තිදෙනෙකු සහ එක් ගැහුණු දරුවෙකු මෙලෙස බිහිකර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.


අලුත් උපන් දරුවන් සිව්දෙනා සහ මව මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය, පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සම්පත් ඥාණරත්න පැවසීය.


නිවුන් දරුවන් බිහිකළ එම මව 30 හැවිරිදි වියේ පසුවන පාසල් ගුරුවරියකි.


මෙලෙස බිහිකළ නිවුන් දරුවන් සිව්දෙනා රෝහලේ නව ජන්ම ළදරු විශේෂ ප්‍රතිකාර ඒකකයට යොමු කිරීමට වෛද්‍යවරුන් කටයුතු කර තිබේ.


දරුවන්ගේ පියා මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරියෙකු ලෙස සේවය කරන අයෙකි.

 

More News..