roadBlockMobile
brand logo
logo
ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත එක්දින සංචිතය නම් කෙරේ

ශ්‍රී ලංකාවට එරෙහි නවසීලන්ත එක්දින සංචිතය නම් කෙරේ

15 March 2023

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා නවසීලන්ත සංචිතය ප්‍රකාශයට පත්කර තිබේ.


16 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්ව වගකීම ටොම් ලේතම් වෙත පවරා තිබේ.


මේ අතර මෙවර IPL (ඉන්දීය ප්‍රිමියර් ලීග්) තරගාවලියට එක්වීම හේතුවෙන් නවසීලන්ත ප්‍රබල ක්‍රීඩකයින් කිහිපදෙනෙකු මෙම සංචිතයෙන් නිදහස් කිරීමට පියවර ගෙන ඇත.


ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව කේන් විලියම්සන්, ටිම් සවුදි සහ ඩෙවාන් කොන්වේ ඉන්දියාව බලා යාමට නියමිතව ඇත.


ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියට එක්වන නවසීලන්ත සංචිතය පහතින්,


ටොම් ලේතම් (නායක) 

ෆින් ඇලන් 

ටොම් බ්ලන්ඩෙල් 

චැඩ් බෝව්ස් 

මයිකල් බ්‍රේස්වෙල් 

මාර්ක් චැප්මන්

ලොකී ෆර්ගසන් 

මැට් හෙන්රි

බෙන් ලිස්ටර්

ඩැරල් මිචෙල්

හෙන්රි නිකොල්ස් 

ග්ලෙන් ෆිලිප්ස්

හෙන්රි ෂිප්ලි

ඉෂ් සෝදි

බ්ලෙයාර් ටික්නර්

විල් යං

 

More News..