brand logo
logo
රට එළවළු බීජවලට මිල නියාමනයක්

රට එළවළු බීජවලට මිල නියාමනයක්

17 April 2023

විදෙස් රටවලින් මෙරට ගෙන්වා අලෙවි කරන එළවළු බීජ සම්බන්ධව මිල නියාමනයක් සිදු කිරීමට රජයේ අවධානය යොමුවී ඇත. 


මහඉලුප්පල්ලම, ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින් නිපදවන ලද අමු මිරිස් ප්‍රභේදයක බීජ කිලෝවක් රුපියල් 95,000කට පමණ ලංකාව තුළ අලෙවි කිරීමේ හැකියාව පවතිද්දී, ආයතනික දෙමුහුන් මිරිස් බීජ කීලෝවක් රුපියල් ලක්ෂ එක හමාරත්, දෙකත් අතර මුදලකට අලෙවි කෙරෙන බව අනාවරණය වී ඇත. 


එමෙන්ම, මාළු මිරිස් බීජ කිලෝවක් රුපියල් ලක්ෂ දෙකකට පණ මෙරට නිපදවීමේ හැකියාව පවතිද්දී ආනයනික මාළු මිරිස් බීජ කිලෝවක් රුපියල් ලක්ෂ නවයකට පමණ වෙළෙඳපොළේ අලෙවි කෙරේ. 


මෙලෙස අලෙවි කෙරෙන ආනයනික එළවළු බීජවල ප්‍රමිතිය සම්බන්ධව සහතිකයක් නොමැති බවද පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාකච්ඡාවට ලක්ව ඇත. 


මේ නිසා ආනයනික බීජවල මිල සහ ප්‍රමිතිය සම්බන්ධව මෙරට කෘෂිකර්ම අංශවල නියාමනයක් සිදුවිය යුතු බවට එම කාරක සභාව විසින් කෘෂිකර්ම හා ගොවිජන සංවර්ධන අංශවල නිලධාරීන්ට දැනුම්දී තිබේ. ආනයනික රසායනික දියර පොහොරවල ප්‍රමිතිය සම්බන්ධව සහතිකයක් නොමැති බවද අනාවරණය වේ.

 

More News..