brand logo
logo
ඩෙංගු මදුරුවා හෙද හෙදියන්ගේ නිවාඩුවලටත් විදී

ඩෙංගු මදුරුවා හෙද හෙදියන්ගේ නිවාඩුවලටත් විදී

24 July 2023 | වරුණි පෙරමුණ

මේ දිනවල සීග්‍ර ලෙස ඩෙංගු ව්‍යාප්තවීමත් සමග රෝහල්වල හෙද හෙදියන්ට ද ඩෙංගු වයිරසය අසාදනය වීම හේතු​වෙන් ඔවුන් සේවයට වාර්තා කිරීමේ අඩුවක් පවතින බව රෝහල් බලධාරීහු පැවසූහ.


මේ හේතුවෙන් හෙද කාර්ය මණ්ඩලයේ සෙසු පිරිසට නිවාඩු නොලබා සේවයට වාර්තා කිරීමට සිදුව ඇති බවත් එය තරමක් අසීරු තත්ත්වයක් බවත් ඔවුහු සඳහන් කළහ.


මෙම වසර ආරම්භයේ සිට ඊයේ (23 වැනිදා) දක්වා මෙරටින් ඩෙංගු රෝගීන් පනස්හතරදහස් හයසිය එක්දෙනකු වාර්තා වි ඇති අතර, ජූලි මාසයේ පමණක් ඩෙංගු රෝගින් පන්දහස් එකසිය විසි දෙනකු හමුවී තිබේ.


ඩෙංගු රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. රෝගීන් වැඩිම සංඛ්‍යාවක් හමුව ඇති දිස්ත්‍රික්කය ගම්පහ වන අතර එම සංඛ්‍යාව 11823කි. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගින් එකොළොස්දහස් හත්සිය හතළිස් නවදෙනකු ද වාර්තා වී තිබේ.


මේ අතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාස පනහක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම්කර ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

 

More News..