මඩු රක්ෂිතය වනසමින් කළ මහා වැලි ජාවාරම
02 December 2023
මඩු රක්ෂිතය වනසමින් කළ මහා වැලි ජාවාරම
02 December 2023
කිලිනොච්චි දිස්ත්‍රික්කයට අයත් පනිකක්ද මඩු රක්ෂිතයට අයත් ප්‍රදේශයේ ගොඩ වැලි නිධි හාරා වැලි ඉවත් කිරීමේ මහා ජාවාරමක් කොටුකරගැනීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය හා විශේෂ කාර්යය බලකාය , සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ද සහාය සහිතව වැටලීමක් සිදුකර ඇත.
මෙම ජාවාරම සිදුවන ස්ථානයට කිලෝමීටර් එක හමාරක් පමණ දුරින් ජයපුරම් පොලිස් ස්ථානය පිහිටා ඇති බවත් පොලිසිය ඉදිරිපිටින් වැලි ප්‍රවාහනය කරන හොර ජාවාරම්කරුවන් යෑම විමතියට කරුණකි.
එසේම මේ සඳහා යොදාගත් ටිපර් රථවලින් තුනක් පොලිසියේ නිලධාරීන්ගේ බවට තොරතුරු වාර්තා වේ. තවද මෙම ප්‍රවාහන කටයුතු සිදුකරන්නේ සම්පූර්ණයෙන් ව්‍යාජ බලපත්‍ර මත බව අනාවරණය විය.
දීර්ඝ කාලයක සිට පොලිස් නිලධාරීන්ගේ සහයෝගය ඇතිව මෙම වැලි ජාවාරම සිදුකර ඇති බවත් , රජය සතු වන සංරක්ෂණ ආඥා පනත උල්ලංඝණය කරමින් වසර ගණනාවක් මෙම වැලි ජාවාරම සිදුකර ඇති බවත් හෙළිව ඇත.
ත්රස්තවාදීන් ග්‍රහණයේ පැවැති මෙම භූමිය එම අවධියේ වැලි ජාවාරම් සිදු නොවීම ද විමතියට කරුණකි.