මැලේසියාවේ නව රජු දිවුරුම් දෙයි
31 January 2024
මැලේසියාවේ නව රජු දිවුරුම් දෙයි
31 January 2024
මැලේසියාවේ නව රජු ලෙස ජොහෝර්හි පාලක සුල්තාන් ඊබ්‍රාහිම් ඉස්කන්දාර් (Sultan Ibrahim Sultan Iskandar) දිවුරුම් දී තිබේ.
ඒ අනුව ඔහු මැලේසියාවේ 17 වන රජු ලෙස රාජ්‍යත්වයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
රාජ්‍යත්වයට පත් වීමට අදාළ උත්සවය අද (31) පවත්වා ඇති අතර ඒ සඳහා මැලේසියානු අග්‍රාමාත්‍ය අන්වර් ඊබ්‍රාහිම් ඇතුළු පිරිසක් එක්ව තිබේ.
සුල්තාන් ඊබ්‍රාහිම් ඉස්කන්දාර් මැලේසියාවේ දකුණු ප්‍රාන්තයෙන් රාජ්‍යත්වයට පත්වු දෙවන පාලකයා බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.