brand logo
logo
හිටපු අගමැතිගේ සෙක්ස් සංවාදයක් එළියට

හිටපු අගමැතිගේ සෙක්ස් සංවාදයක් එළියට

21 December 2022

පකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් කාන්තාවන් දෙදෙනෙකු සමඟ කරන ලද "ලිංගික ඇමතුම්" යැයි කියනු ලබන හඩ පට කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


කෙසේ වෙතත්, ඊට ප්‍රතිචාර දක්වමින් ඔහුගේ පාර්ශවය සඳහන් කර ඇත්තේ අදාළ හඬපට ව්‍යාජ ඒවා බවත් එය ඉම්රාන් ඛාන්ගේ චරිතය ඝාතනය කිරීමේ උත්සහයක් බවත් ය.


පකිස්තාන ජනමාධ්‍යවේදියෙකු වන සයිඩ් අලි හයිඩර් විසින් අදාළ හඬ පට සිය යූටියුබ් නාලිකාවේ පළ කර ඇති අතර “ඉම්රාන් ඛාන් ලෙස බොහෝ දෙනෙකුට පෙනී ඉන්න පුළුවන්. මේ ඔවුන්ගෙන් එක් අයෙකු විය හැකියි. මේ හඬපට ගැන රස පරීක්ෂක වාර්තාවක් ලබා ගෙන නැහැ,” යැයි ප්‍රකාශ කර තිබේ.


එම හඩ පට තදුරටත් එම නාලිකාවේ පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.


ඉන් එක් හඬ පටයක් 2008 වසරේ සැප්තැම්බර් මාසය දක්වා දිවෙන පරණ හඬ පටයක් වන අතර එහි මුෂාරෆ් යනාදීන් ගැන සඳහන් කළ බව සංවාදයෙන් පැහැදිලි වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.


අනෙක් හඬ පටය මෑතකාලීන එකක් යැයි විශ්වාස කෙරෙන අතර එහි නිර්නාමික කාන්තාවක ඇගේ “රහසිගත ප්‍රදේශවල ඇති වේදනාවක්” සම්බන්ධයෙන් සඳහන් කර තිබේ.


ඉම්රාන් ඛාන් ඔහුගේ පවුලේ අය සහ දරුවන් පැමිණෙන බවට හැඟවෙන ප්‍රකාශයක් කරමින්, ඇයට ඒ පිළිබඳව දැන ගැනීමට සලස්වා දෙදෙනා ඊළඟ දිනයේ හමුවීමට සැලසුම් කර ඇති බව ද එහි වැඩිදුරටත් සඳහන් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

 

More News..