brand logo
logo
බන්ධනාගාර තාප්පයට ඉහලින් විසි කළ තහනම් ද්‍රව්‍ය අත්අඩංගුවට

බන්ධනාගාර තාප්පයට ඉහලින් විසි කළ තහනම් ද්‍රව්‍ය අත්අඩංගුවට

26 January 2025



ගාල්ල බන්ධනාගාරයට පිටතින් ඇති තාප්පයට ඉහලින් යම් පුද්ගලයෙකු විසින් ඊයේ (25) බන්ධනාගාරය තුළට යම් පාර්සලයක් විසි කර ඇත.


ඒ අනුව, එදින බන්ධනාගාරය තුළ රාජකාරියේ යෙදි සිටි බන්ධනාගාර නිළධාරීන් මෙම පාර්සලය අත්අඩංගුවට ගෙන ඇති අතර, එම පාර්සලයේ තිබී, කේරළ ගංජා යැයි සැකකළ හැකි ප්‍රමානයක්,ජංගම දුරකථන 02ක් , ජංගම දුරකථන බැටරි 02ක් ,බැටරි ආරෝපණ 02ක් හා දුම්කොල 32ක් අත්අඩංගුවට ගෙන ඇත.


කේරළ ගංජා යැයි සැකකළ හැකි තහනම් ද්‍රව්‍ය ගාල්ල පොලිස් ස්ථානය වෙත භාරදීමටත්, දුම්කොල සියල්ල ගාල්ල බන්ධනාගාර අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ විනාශ කිරීමටත් හා සෙසු තහනම් ද්‍රව්‍ය බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බළකාය වෙත භාරදීමට කටයුතු සූදානම් කර ඇත. 


මෙම සිදුවීම සම්බන්ධයෙන් ගාල්ල බන්ධනාගාරය මගින් විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.


 

More News..