බදුල්ල දිස්ත්රික්කයේ කොට්ඨාශ 4කට කහ නිවේදන
21 October 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්
බදුල්ල දිස්ත්රික්කයේ කොට්ඨාශ 4කට කහ නිවේදන
21 October 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්
පවතින වැසි අධික කාලගුණ තත්වය සලකා බදුල්ල දිස්ත්රික්කයේ හපුතලේ,හාලිඇල,ඌව පරණගම,පස්සර සහ හල්දුම්මුල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාශය සදහා අවධානම් අදියර (1) කහ නිවේදනය අද (21) ප.ව. 4.00 ට නිකුත් කරතිබේ.
ඉකුත් පැය 24 ක වර්ෂාපතනය සහ තවදුරටත් වැස්ස පැවතීම සැලකිල්ලට ගනිමින් ඉදිරි පැය 24 සදහා මේ අවධානම
නිවේදනය නිකුත්කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.
බෑවුම් කඩාවැටීම, ගල් පෙරලීම, පස්කන්ඩි කඩාවැටීම සහ පොළව ගිලා බැසීම වැසි අවධනම් පිළිබඳව මෙම ප්රාදේශය ලේකම් කොට්ඨාශයන්හි අවධානම් ප්රදේශවල ජීවත්වන අය සැලකිලි මත්විය යුතු බව ආපද කළමණාකාර බදුල්ල දිස්ත්රික්සහකාර අධ්යක්ෂ ඒ.එල්.එම්.උදයකුමාර අවධාරණය කළේය.

