brand logo
logo
බෝර දොළහේ ගිනි අවියක් සමග සැකකරුවකු අත්අඩංගුවට

බෝර දොළහේ ගිනි අවියක් සමග සැකකරුවකු අත්අඩංගුවට

20 February 2025 | මනෝජ් එදිරිසිංහ - මීරිගම

ඇමරිකාවේ නිෂ්පාදිත බෝර දොළහේ ගිනි අවියක් සහ උණ්ඩ දෙකක් ළඟ තබාගෙන සිටි 58 හැවිරිදි පුද්ගලයකු කම්මල්පිටිය ප්‍රදේශයේදී පල්ලෙවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


මෙසේ අත්අඩංගුවට පත් වී ඇත්තේ සත්ව පාලනයේ යෙදෙමින් ජීවිකාව ගෙන ගිය පුද්ගලයෙකි.


පල්ලෙවෙල පොලිසියේ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.


පස්යාල ප්‍රදේශයේ සිටි පුද්ගලයකු විසින් කලකට පෙර තමන්ට මෙම ගිනි අවිය ලබා දුන් බවට සැකකරු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තවදුරටත් සොයා බලන බව පොලිසිය සඳහන් කරයි.

 

More News..