දිස්ත්රික් 4 කට නායයෑම් අනතුරු ඇගවීම්
14 December 2024
දිස්ත්රික් 4 කට නායයෑම් අනතුරු ඇගවීම්
14 December 2024
පවතින අධික වර්ෂාවත් සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් දිස්ත්රික්ක හතරකට අද (14) පස්වරු 4 සිට හෙට (15) පස්වරු 4 දක්වා නාය යාමේ පූර්ව අනතුරු ඇගවීමේ පනිවිඩයක් නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ බදුල්ල ප්රධාන භූවිද්යාය හර්ශනී පෙරේරා මහත්මිය පවසයි .
මේ අනුව බදුල්ල දිස්ත්රික්කයේ ඇල්ල , පස්සර , හාලිඇල ,හපුතලේ , මහනුවර දිස්ත්රික්කයේ මැදදුම්බර , පාතදුම්බර, කුරුණෑගල දිස්ත්රික්කයේ රිදීගම, සහ මාතලේ දිස්ත්රික්කයේ අබන්ගග කෝරලය, රත්තොට යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස වලට මෙසේ නාය යාමේ පූර්ව අනතුරු ඇගවීමේ 1. (කහ) පනිවිඩය නිකුත් කළ බවද ඇය සදහන් කළාය.
මෙම නායයාමේ පූර්ව අනතුරු ඇගවීමේ පනිවිඩය අද (14) පස්වරු 4 සිට හෙට 15 පස්වරු 4 දක්වා වලංගු වේ.