brand logo
logo
හිටපු ජනපති හෙට ඉන්දියාව බලා පිටත්ව යයි

හිටපු ජනපති හෙට ඉන්දියාව බලා පිටත්ව යයි

20 November 2024

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.


රනිල් වික්‍රමසිංහ මෙම සංචාරයේදී ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයෙහි ඉන්දෝර් හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ දේශනයක් පැවැත්වීමට ද නියමිතයි.


උසස් අධ්‍යාපන ආයතනයේ සිසුන් මෙන්ම මවුපියන්ගේ සහභාගීත්වයෙන් ලබන සිකුරාදා (22) සවස 6ට මෙම දේශනය පැවැත්වේ. 


හිටපු ජනාධිපතිවරයා ලබන 30 වැනිදා යළි දිවයිනට පැමිණීමට නියමිතයි.

 

More News..