brand logo
logo
එළවළු මිල 20%කින් අඩුවෙයි

එළවළු මිල 20%කින් අඩුවෙයි

03 August 2023 | සාලිය කුමාර ගුණසේකර/ සුනිල් රූපසිංහ - පල්ලේපොල

මේ දිනවල පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් එළවළු අස්වැන්න ක්‍රමයෙන් අඩු වුවද, දඹුල්ල ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන රැසක එළවළු මිල ගණන් ද අඩුවී ති​බේ.


ඒ අනුව උඩරට පහතරට හා එළවළු මිල සියයට විස්සකින් පමණ අඩුවී ඇත.ආර්ථික මධ්‍යස්ථානවලට එළවළු තොග ලැබුණද, ඊයේ (02 වැනිදා) වෙළෙඳුන්ගේ පැමිණීම ද අඩු මට්ටමක පැවැතිණි.


මේ අතර දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට ඊයේ (02 වැනිදා) එළවළු කිලෝ ග්‍රෑම් ලක්ෂ අටක් පමණ රැගෙනවිත් තිබේ.


මෙම වියළි කාලගුණික තත්ත්වය දිගටම පැවැතියහොත් ඉදිරියේදී එළවළු හිඟයක් ඇතිවිය හැකි අතර එළවළු මිල ද ඉහළ යනු ඇතැයි ආර්ථික මධ්‍යස්ථානවල නිලධාරීහු සඳහන් කළහ.


තවද වියළි කාලගුණයත් සමග ජල මාර්ග බොහොමයක් සිඳීයෑම නිසා එළවළු වගා බිම්වලට ජලය සපයා ගැනීමේදී ගොවීහු දැඩි අසීරුතාවයට මුහුණ පා සිටිති.


ඊයේ (02 වැනිදා) එළවළු කිලෝ ග්‍රෑමයක තොග මිල සටහන් වූයේ මෙලෙසිනි.

 

More News..