ස්පාඤ්ඤය සහ ප්‍රංශය අවසන් පූර්ව වටයට
06 July 2024
ස්පාඤ්ඤය සහ ප්‍රංශය අවසන් පූර්ව වටයට
06 July 2024
2024 යුරෝපීය පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ස්පාඤ්ඤය සහ ප්‍රංශය සමත් විය.
ස්පාඤ්ඤය සත්කාරක ජර්මනිය පරාජය කළේ ගෝල 2කට 1ක් ලෙසිනි.
මේ අතර ප්‍රංශය සහ පෘතුගාලය අතර පැවති තරගයේ නියමිත කාලයේ දී කණ්ඩායම් දෙකම ගෝල වාර්තා කිරීමට අසමත් විය.
ඒ අනුව තරගයේ ජයග්‍රාහකයින් තීරණය වුයේ දඬුවම් පහර මගින් වන අතර එහිදී 5ට 3ක් ලෙස තරගය ජය ගැනීමට ප්‍රංශය සමත්විය.
මෙම තරගය සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගේ අවසන් යුරෝපීය කුසලාන තරගය ලෙස සැලකෙයි.