brand logo
logo
 දියවැඩියාව ගැන අනාවරණයක්

දියවැඩියාව ගැන අනාවරණයක්

31 January 2023

මෙරට තුළ සිටින දියවැඩියා රෝගීන්ගෙන් 50% ක ප්‍රමාණයක් හඳුනාගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය පවසයි.


මෙරට සිදුවන මරණවලින් 83% ක් ම සිදුවන්නේ බෝ නොවන රෝගවලින් බව එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමින්දි සමරකෝන් සඳහන් කළේය.


රෝගීන් දියවැඩියාව පාලනය නොකිරීම හේතුවෙන් වකුගඩු රෝගවලට පිවිසීම හෝ හෘදයාබාධවලට යොමුවන බව ද එසේ නොවුනහොත් අංසභාග තත්ත්වයන්ට හෝ පත්වන බව ද ඇය පැවසුවාය.


මේ හේතුවෙන් අධික රුධිර පීඩනය ද ඇතැම් රෝගීන්ට වැළදෙන බව ඇය පැවසුවාය.


බොහෝ පිරිස් බෝ නොවන රෝග සඳහා ප්‍රතිකාර ලබාගැනීමට නොපැමිණෙන බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

 

More News..