brand logo
logo
මිද්දෙණිය වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පිරිමි දරුවාත් මරුට

මිද්දෙණිය වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පිරිමි දරුවාත් මරුට

19 February 2025

මිද්දෙණිය ප්‍රදේශයේ ඊයේ (18) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගතකළ සිටි පිරිමි දරුවා ද මියගොස් තිබේ.


එම දරුවා ඇඹිලිපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

මියගොස් ඇත්තේ 09 හැවිරිදි පිරිමි දරුවෙක්ය.


ඊයේ රාත්‍රී මිද්දෙණිය, කඩේවත්ත හන්දිය ප්‍රදේශයේ දී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් සිදුකළ වෙඩිතැබීමක් අතරතුර මෙම දරුවටද වෙඩි ප්‍රහාරයක් එල්ලවිය.


වෙඩි වැදීමෙන් අදාළ පුද්ගලයා එම ස්ථානයේදීම මියගිය අතර, යතුරුපැදියේ ගමන්කළ ඔහුගේ පුතා සහ දියණිය තුවාල ලබා තිබුණි.


අනතුරුව ඔවුන් ප්‍රතිකාර සඳහා තංගල්ල සහ ඇඹිලිපිටිය යන රෝහල්වලට ඇතුළත් කිරීමෙන් පසු දියණිය ද මිය ගියේය.


මෙම වෙඩිතැබීම සඳහා ටී 56 වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බවට පොලීසිය සැක පළ කරන අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විර්මශන ආරම්භ කර ඇත.

 

More News..