brand logo
logo
 කෘතීම රස කාරක තොගයක් වටලයි

කෘතීම රස කාරක තොගයක් වටලයි

30 April 2023 | බිමල් ශ්‍යාමන් ජයසිංහ - බණ්ඩාරගම

ආහාර රස ගැන්වීම සඳහා භාවිතා කරන කෘත්‍රිම රස කාරක තොගයක් මරදාන ටෙක්නිකල් හන්දිඅයේ ආහාර ගබඩාවක් වැටලීමකදී සොයාගත් බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.


එම ස්ථානයේ කල් ඉකුත් වූ ආහාර හා කල් ඉකුත් නොවූ ආහාර කලවමේ බෙදා හැර ඇති බව වැටලීම් බාර ජේෂ්ඨ විමර්ශන නිලධාරී බි. එස්. යු. පි. පෙරේරා පැවසීය. 


කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය ගබඩා කර ඇති බවට සිදු කළ පැමිණිල්ලක් අනුව වැටලීම සිදුකර ඇත.


ආහාර රස ගැන්වීම සඳහා යොදා ගන්නා කෘතිම රස කාරක 2020 හා 2021 වසර වලදි කල් ඉකුත් වූ ඒවා බවට හඳුනාගෙන ඇත.


 විවිධ වෙළඳ ස්ථානවල අලෙවි වීමකින් තොරව කල් ඉකුත් වූ ආහාර රසගැන්වීම සඳහා භාවිතා කරන කෘතිම ආහාර රස ගන්වන ඒවා බවට පරීක්ෂණවලදී තහවුරු වු බවත් ඉදිරි සතියේදී මේ සම්බන්ධව නඩු පැවරීමට කටයුතු කරන බවත් වැටලීම සිදුකළ ජේෂ්ඨ විමර්ශන නිලධාරියා වැඩිදුරටත් පැවසීය.


 

More News..