brand logo
logo
වසරේ දැවැන්තම ආහාර පාන සැණකෙළිය අප්‍රේල් 8 සහ 9

වසරේ දැවැන්තම ආහාර පාන සැණකෙළිය අප්‍රේල් 8 සහ 9

05 April 2023

බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය මෙහෙයවන "Western Breeze අවුරුදු" (වෙස්ටර්න් බ්‍රීස් අවුරුදු) සැණකෙළිය අප්‍රේල් මස 8 සහ 9 යන දෙදින පුරා පැවැත්වීමට නියමිතයි.


ඒ කොළඹ ගෝල්ෆේස් (ගාලුමුවදොර) බේරේ පරිශ්‍රයේදීයි.


එම සැණකෙළියේදී ආහාර පාන, අවුරුදු ක්‍රීඩා ඇතුළු නවාංග රැසකින් සමන්විත බව සංචාරක මණ්ඩලය පවසයි.


මෙහි අරමුණ සංචාරක කර්මාන්තය නගා සිටුවීම සහ අත්කම්, දේශීය නිෂ්පාදන සහ සුළු ව්‍යාපාරික ප්‍රජාවට අතහිර දීම බව සංචාරක මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

 

More News..