brand logo
ශ්‍රී පාද උඩ මළුවෙන් පැන්න තරුණයා හමුවෙයි

ශ්‍රී පාද උඩ මළුවෙන් පැන්න තරුණයා හමුවෙයි

24 April 2024

කාන්තාවන් දෙදෙනෙකු සමග වන්දනාවේ පැමිණ ශ්‍රී පාද උඩ මළුවෙන් පහළට පැන අතුරුදන් වූ දිනේෂ් හේමන්ත නමැති වයස අවුරුදු 33 ක සූරියවැව ප්‍රදේශයේ පදිංචි තරුණයා මේ වනවිට හමුවී තිබේ


එම තරුණයා අද උදෑසන ශ්‍රී පාද රක්ෂිතයට ආසන්නයේ නල්ලතන්නිය පොලිස් වසමට අයත් මරේ වතු යායේ රාජමලේ ප්‍රදේශයේ සිටිනු දැක වතු කම්කරුවන් පිරිසක් විසින් නල්ලතන්නිය පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් භාරදී තිබේ.


එහිදී පොලිස් නිලධාරීන් විසින් එම තරුණයාව ප්‍රතිකාර සඳහා මස්කෙළිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දික්ඔය මූලික රෝහල වෙත මාරුකර යවා තිබේ.


තරුණයා සෙවීම සඳහා යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් දින 3ක් තිස්සේ විශේෂ මෙහෙයුමක් සිදුකර පසුව එම මෙහෙයුම අත්හැර දැමීය.

 

More News..