brand logo
logo
පලතුරු මිල තවත් ඉහළට

පලතුරු මිල තවත් ඉහළට

04 January 2023 | සාලිය කුමාර ගුණසේකර

පලතුරු වෙළෙඳපොළේ නෙල්ලි කිලෝවක මිල රුපියල් 1200 ක් දක්වාද, රතු මිදි කිලෝවක මිල රුපියල් 1800 ක් දක්වාද ඉහළ ගොස් තිබේ.


මීට අමතරව, සෑම පලතුරු වර්ගයකම මිල ඉහළ ගොස් ඇතැයි ආර්ථික මධ්‍යස්ථානවල පලතුරු වෙළෙන්දෝ කියා සිටිති.


අන්නාසි කිලෝවක මිල රුපියල් 600 ක් දක්වාද, ආනයනික දොඩම් ග්‍රෑම් 100 දොඩම් ගෙඩියක මිල රුපියල් 120 ක් දක්වාද, කොළ ඇපල් ග්‍රෑම් 100 ගෙඩියක මිල රුපියල් 180ක් දක්වාද වැඩිවී ඇත.


දේශීය පැණි දොඩම් කිලෝවක මිල රුපියල් 600 කි. දේශීය අඹ කිලෝවක මිල රුපියල් 700 ක් වන අතර, බෙලි කිලෝවක මිලද රුපියල් 500 කි. කිලෝ පේර කිලෝවක මිල රුපියල් 700 කි.


ආනයනික වියදම් ඉහළ යෑම නිසා ආනයනික එම පලතුරු මිල වැඩිවී තිබෙන බවත්, දේශීය පලතුරු මිල ඉහළ යෑමට ප්‍රවාහන ගාස්තු වැඩිවීම බලපා ඇතැයිද පලතුරු වෙළෙන්දෝ කියා සිටිති. පලතුරු මිල ඉහළ යෑම හමුවේ පලතුරු අලෙවිය අඩුවී ඇතැයිද ඔවුහු පවසති.

 

More News..