බුලත් කොළෙන් මදුරුවන් පලවා හරින්න යයි
28 March 2023 | නිර්මාණි තිලකසිරි
බුලත් කොළෙන් මදුරුවන් පලවා හරින්න යයි
28 March 2023 | නිර්මාණි තිලකසිරි
බුලත් යොදාගනිමින් මදුරු දඟර නිෂ්පාදනය සඳහා තම ආයතනය සිදුකළ පර්‌යේෂණ කටයුතු සාර්ථක මට්ටමින් අවසන් කිරීමට හැකියාව හිමිවූ බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නාරම්මල අතුරු භෝග හා බුලත් පර්යේෂණ ආයතනයේ පර්‌යේෂණ සහ සංවර්ධන සහකාර මාලනී චන්ද්‍රරත්න පැවසුවාය.
මදුරුවන් විකර්ශනය කරන රසායනික නිෂ්පාදන කොතෙකුත් වෙළෙඳපොළ තුළ මිලදී ගැනීමට තිබුණද එම කෘත්‍රිම නිෂ්පාදන තුළ දුම් වැටිවලින් නිකුත් වන දුමට සාපේක්ෂ විෂ දුමක් නිකුත් වන බවට මේ වන විටත් අනාවරණය වී තිබේ.
එවන් වටපිටාවක් තුළ බුලත් පත්‍රවලට ආවේණිකව ඇති සුවඳ ප්‍රයෝජනයට ගනිමින් මදුරුවන් පලවා හැරීමට හැකියාවක් පවතින මදුරු දඟර නිෂ්පාදනය කිරීමට බුලත් පර්‌යේෂණ ආයතනයට හැකියාව ලැබී තිබේ. මේ වන විටත් මෙහි පර්‌යේෂණ කටයුතු සාර්ථකව අවසන් කර ඇති නමුත් තවමත් නිෂ්පාදකයකු හමු නොවීම හේතුවෙන් මෙම ස්වාභාවික අමුද්‍රව්‍ය යොදා සකසන මඳුරු දඟර වෙළෙඳපොළට නිකුත් කිරීමට හැකියාව නොමැති බව ඇය පැවසුවාය.
කෙසේ වෙතත් මේ සඳහා නිෂ්පාදකයකු පුහුණු කිරීමට අවස්ථාව හිමිවුවහොත් දේශීය වෙළෙඳපොළ තුළ විෂ රසායන ද්‍රව්‍ය යොදා ඇති මඳුරු දඟර සඳහා පවතින ඉල්ලුම නිතරගයෙන් දිනා ගැනීමේ හැකියාව හිමිවන බව බුලත් පර්‌යේෂණ ආයතනය සඳහන් කළේය.