roadBlockMobile
brand logo
logo
ඔන්ලයින් ක්‍රමයට දුරගමන් යන්න අවස්ථාව

ඔන්ලයින් ක්‍රමයට දුරගමන් යන්න අවස්ථාව

16 March 2023

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් දුර ගමන් සේවා බස් රථ වල ආසන මාර්ගගත ක්‍රමයට වෙන් කිරීමේ පහසුකම ඊයේ (15) හදුන්වා දෙන ලදි.


මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී ඊට අදාළ ආසන වෙන් කිරීමේ කවුළුව ඊයේ මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීම සිදු කෙරුණි.


එහි දී එම ආසන වෙන් කිරීම් වලට අදාළ වෙබ් අඩවිය ද විවෘත කෙරුණි. 


තවද පැය 24 පුරා භාෂා ත්‍රිත්වයෙන් ම ක්‍රියාත්මක 1315 ක්ෂණික දුරකථන අංකය හරහා ද ආසන වෙන් කර ගැනීමට පහසුකම් සපයා දී තිබේ.



 

More News..