brand logo
logo

e තක්සලාව වෙබ් අඩවිය පිවිසීමට Internet නොමිලේ

25 March 2020

පාසල් නිවාඩු කාලය තුළ නිවෙස් ගතව සිටින සියලු පාසල් දරුවන්ට ඕනෑම දුරකථන ජාලයක් ඔස්සේ ගාස්තු රහිතව e තක්සලාවට ප්‍රවේශ වීමට අවස්ථාව ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් කරන ලද ඉල්ලීමක් අනුව සියලු දුරකථන සමාගම් වල එකගත්වය මත මෙම පහසුකම් ලබාදීමට පියවර ගෙන තිබේ. ඒ අනුව http://www.e-thaksalawa.moe.gov.lk/ (IP 43.224.124.108)ඔස්සේ e තක්සලාව ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය වෙත පිවිසෙන්නට 2020/3/23 සිට අවස්ථාව සැලසේ. ඉ-තක්සලාව වෙත පිවිසෙන සියලු පාසල් දරුවන්ට විෂය ක්‍රියාකාරකම්, ප්‍රශ්න පත්‍ර සහ පෙළපොත් ආශ්‍රිත අභ්‍යාස ඇතුළු ඉගෙනුම් ක්‍රියාවලියට අත්වැලක් වන පාඩම් මාලා රැසක් සමග එක්වීමට අවස්ථාව සැලසේ. 1 සිට 5 ශ්‍රේණි දක්වා සිසුන් වෙනුවෙන් අන්තර් ක්‍රියාකාරී පාඩම් සහ විද්‍යුත් අන්තර්ගතයන්ද, 10 -11 ශ්‍රේණි සඳහා වීඩියෝ පාඩම් ද 1-13 ශ්‍රේණි සඳහා විභාග ප්‍රශ්න පත්‍ර 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය ,අපොස සාමාන්‍ය පෙළ විභාගය සහ අපොස උසස් පෙළ විභාගයට අදාල පසුගිය ප්‍රශ්න පත්‍ර, 1 සිට 13 ශ්‍රේණිය දක්වා විෂයානුබද්ධව සකස් කළ විනෝදාත්මක වැඩසටහන් e පුස්තකාල, ශබ්දකෝෂ, සහ තවත් කියවීම් ද්‍රව්‍ය රැසකින් සමන්විත වෙයි. ඕනෑම දුරකථන ජාලයකින් නොමිලේ e තක්සලාව වෙත පිවිස ඔබට ලැබී ඇති මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ලෙස ද අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් දරුවන්ට දැනුම් දෙයි.
 

More News..