roadBlockMobile
brand logo
logo

LTTE කොඩි හා ලාංජන නැතිව මහවිරු සැමරුමට යාපනය විශ්ව විද්‍යාල සිසුන් සුදානම්

27 November 2018

මහවිරු සැමරුම් වැඩසටහන පැවැත්වීමට යාපනය විශ්ව විද්‍යාලයේ සැමරුම් ස්මාරකය සකස් කොට ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසති. යාපනය ආරක්ෂක අංශ පැවසූවේ විශ්ව විද්‍යාලයේ සැමරුම් ස්මාරකය අභියස වර්ණ සහිත කොඩිවැල් ඇද,ස්මාරකය අවට ප්‍රදේශය අලංකාරවත් කොට සැමරුම් වැඩසටහන පැවැත්වීමට යාපනය සිසුන් සුදානම් වන බවයි. යාපනය විශ්ව විද්‍යාලය මහවිරු සැමරුම් වැඩසටහන පැවැත්වීමට අධිකරණ නියෝගයක් ලබාදෙන ලෙසට යාපනය මහේස්ත්‍රාත් අධිකරණයෙන් කෝපායි පොලිසිය ඉල්ලීමක් කොට තිබිණ. අධිකරණය එහිදි නියෝග කොට තිබුණේ එල් ටි ටි කොඩි,ලාංජන හා පෝස්ටර් බැනර් ප්‍රදර්ශනය නොකර සැමරුම් පවත්වන ලෙසයි. අධිකරණ නියෝගයෙන් අනතුරුව විශ්ව විද්‍යාල සිසුන් යාපනය විශ්ව විද්‍යාල සීමාව තුළ වර්ණ කොඩි වැල් එල්ලා,සැමරුම් ස්මාරකය අලංකාරවත් කොට තිබිණ. යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් නියෝජිතයින් පැවසූවේ විශ්ව විද්‍යාල සිසුන් හා විශ්ව විද්‍යාල ප්‍රජාව එක්ව අද(27) දහවල් යුද්ධයෙන් මියගිය සහෝදර ජනතාව සිහිපත් කිරීමේ වැඩසටහනක් පවත්වන බවයි.
 

More News..