අගනගරය වෙනත් තැනකට ගෙනියන්න පාර්ලිමේන්තුවෙන් අවසර
වර්තමාන අගනගරය ගිලා බැසීම හේතුවෙන් ඉන්දුනීසියාව සිය අගනගරය වෙනස් කිරීමට තීරණය කර තිබේ.
නව අගනගරය "නුසන්තාරා" යනුවෙන් නම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වර්තමාන අගනගරය වන "ජාකර්තා" නගරය ගිලා බැසීම හේතුවෙන් අගනගරය ලෙස වෙනත් ස්ථානයක් නම් කිරීමට අවශ්‍ය අනුමැතිය එරට පාර්ලිමේන්තුව විසින් පසුගියදා ලබාදී තිබුණි.
මිලියන 10ක ජනගහනයක් පවතින ජාකර්තා නගරය භූගත ජලය අධික ලෙස ලබාගැනීම හේතුවෙන් නොසිතු ලෙස ගිලා බසිමින් සිටින බව විද්‍යාඥයෝ පවසති.
බෝර්නියෝ නම් දූපතෙහි නව අගනගරය ස්ථාපනය කර ඇති අතර එය සංවර්ධනය කිරීම 2019 වසරේදී ඇරඹීය.