නයි මිරිස් කිලෝවක් රු. 2000ට යයි
දේශිය වෙළදපොලේ එළවළු මිල යළිත් ඉහළ ගොස් ඇති බව සමස්ථ ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි පැවසිය.
එළවළු ගොවියාට අවශ්‍යය රසායනික පොහොර, කෘෂි රසායනික ද්‍රව්‍යය සහ ඉන්ධන නිසි පරිදි නොලැබිම හමුවේ එළවළු ගොවියා පිඩාවට පත් වි ඇති අතර එම හේතුවෙන් දේශිය වෙළදපොලේ එළවළු මිල මෙලෙස ඉහළ ගොස් ඇති බව නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේදි මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි ඒ බැව් පැවසිය.
එමෙන්ම වගාවන්ට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සදහා මෙන්ම නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයට එළවළු ප්‍රවාහනය කරන ලොරි රථ සදහා අවශ්‍යය ඉන්ධන නොලැබිමත් එළවළු මිල ඉහල යෑමට හේතු වී ඇති බව ප්‍රකාශ කර ඇත.
ආර්ථික මධ්‍යස්ථාන වෙත එළවළු තොග අඩුවෙන් ලැබිම හමුවේ දේශිය වෙළදපොලේ මාළු මිරිස් කිලොවක් රු 720 ,කැරට් කිලොවක් රු 320 , ගෝවා කිලොවක් රු 280 , ලික්ස් කිලොවක්රු 200 ,බෝන්චි කිලොවක් රු520,කරවිල කිලොවක් රු 440, මල්ගොවා කිලොවක් රු 440 , පතෝල කිලොවක් රු 320 ,වැටකොලු කිලොවක් රු 280 , බන්ඩක්කා කිලොවක් රු 280 , නුවරඑළිය අල කිලොවක් රු400 , අමු මිරිස් කිලොවක් රු 700,නෝකෝල් කිලොවක් රු 240 , නයි මිරිස් කිලොවක් රු2000 වැනි සිල්ලර මිලකට මේ දින වල වෙළදපොලේ අලෙවි කෙරේ.
රංජිත් රාජපක්ෂ - හැටන්