කුරුදු කිලෝව රු.5000ක් වෙයි
වෙළදපොළේ යලිත් වරක් කුළු බඩු වර්ග වල මිල ඉහල ගොස් තිබේ.
කුරුදු, ගම්මිරිස් සහ කරාබුනැටි වල මිල මෙලෙස ඉහල ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව අපනයන මට්ටමේ පවතින කුරුදු කිලෝවක් රුපියල් 5000 දක්වාත් ගම්මිරිස් කිලෝවක් රුපියල් 1300 දක්වාත් කරුබුනැටි කිලෝවක් රුපියල් 2400 දක්වාත් ඉහල ගොස් තිබේ.