brand logo
logo

කොවිඩ් එන්නත ලබා ගැනීමෙන් වඳභාවයට පත් වෙනවාද?

08 March 2021

කොවිඩ් මර්දන ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්න ලබා ගැනීමෙන් පසු වඳ භාවයට පත්වන බවට සමාජ මාධ්‍යයේ පළවන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍ය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසයි. එන්නත් ලංකාවේ ජනතාවට ප්‍රතික්‍රියා කරන ආකාරය සම්බන්ධයෙන් සහ ප්‍රතිදේහ සෑදෙන ආකාරය සම්බන්ධයෙන් දිගින් දිගටම පරීක්ෂණ සිදුකෙරෙමින් පවතින බව මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කරයි. සෞඛ්‍ය සේවකයින් 2,000කගේ පමණ රුධිරය අරගෙන ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කරනු ලබන අතර ඔවුන්ට එන්නත ලබාදීලා දැන් මාසයක් වන අතර දැනට හොඳ ප්‍රතිඵල තිබෙන බව ඒ මහත්මිය පැහැදිලි කරයි.
 

More News..