brand logo
logo

කොවිඩ් සහ ටීනියා අතර සම්බන්ධතාවක් නෑ

05 August 2021

කොරෝනා අස්සේ පැතිර යන ටීනියා ගැන දැනගන්න

දිලීරයකින් බෝවන ටීනියා හුදෙක් චර්ම රෝගයක් මිස කොවිඩ් වසංගත රෝගය සමග සෘජු සම්බන්ධතාවයක් නැතැයි චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරු පවසති. ඒ නිසා ටීනියා රෝගය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා ඊයේ (04) පස්වරුවේ “කොවිඩ් සහ ටීනියා දිලීර රෝගය අතර සබැඳියාව ඇත්තක්ද? ” මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධානය කළ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වෛද්‍යවරු මේ මතය පළ කළහ.

ටීනියා යනු දිලීරයක් නිසා සමෙහි ඇතිවන ආසාදනයක් වන අතර මිනිසුන්, සතුන් හා පස ඇතුළු බාහිර පරිසරයේ පවතින ඩර්මටොෆයිට් (Dermatophyte) නම් දිලීර විශේෂයක් නිසා ඇතිවන රෝගය මනුෂ්‍යයාගේ නිය, හිසකෙස් සහ සමෙහි බාහිර ස්ථරය තුළ වැඩෙමින් පැතිර යයි.

Tinea Corporis Infection

කැසීමක් සහ රතු පැහැති ලප ලෙස හටගන්නා රෝගය ඉකිලි, කිහිලි වැනි දහදිය දැමීම අධික සිරුරේ නැමෙන ස්ථානවල පළමුව හටගෙන පසුව සිරුරේ ඕනෑම තැනකට පැතිරී යනු ඇත.

ඕනෑම වයස් කාණ්ඩයක පසුවන අයෙකු රෝගයට ගොදුරු විය හැකි අතර කුඩා ළමුන්ට හිස්කබල ආශ්‍රිතව රෝගය හට ගැනීමට වැඩි ඉඩකඩක් පවතී. Tinea Cruris & Ring Worm On Thighs - YouTube රෝගය ඇතිවීමට වැඩි ඉඩක් පවතින අවස්ථා ලෙස දහදිය දැමීම අධික කාලගුණික තත්ත්වයන් පුද්ගලික පිරිසිදුකම අඩුවීම, සිරුරට තදවන කෟත්‍රිම ඇඳුම් භාවිතය, ඇඳුම් හුවමාරු කර ගැනීම, සිරුර එකට ගැටීම බහුලව සිදුවන රග්බි, පාපන්දු වැනි ක්‍රීඩාවල නිරතවීම, සිරුරේ ප්‍රතිශක්තිය අඩුවන රෝගවලින් හා දියවැඩියාව වැනි නිදන්ගත රෝගවලින් පෙලීම ආදිය දැක්විය හැකිය. රෝගය වැළඳුණු අයගේ සම හෝ ඔවුන් භාවිත කළ ඇඳුම්, පනාව, හිස් ආවරණ වැනි සම සමඟ සෘජුව ගැටෙන දෑ මගින් රෝගය තවත් අයෙකුට බෝවීමට පිළිවන. ඊට අමතරව වැසිකිළි ආසන, ඇඳ වැනි හවුලේ පරිහරණය කරන ගෘහ උපකරණ මගින්ද රෝගය පැතිර යා හැකිය. සම පිරිසිදුව හා තෙත් බවෙන් තොරව පවත්වා ගැනීම, ඇඳුම් හවුලේ පරිහරණයෙන් වැළකීම, සිරුරට හිර නොවන කපු යට ඇඳුම් භාවිතය, පාද ආවරණය නොවන පාවහන් පැළඳීම, සුරතල් සතුන් අනවශ්‍ය ලෙස සිරුරට ලංකර නොගැනීම වැනි රෝගය ආසාදනය වීමෙන් වැළකී සිටීමට ඉවහල් වෙයි. ටීනියා දිලීර රෝග ලක්ෂණ ඔබට හෝ ඔබගේ පවුලේ අයෙකුට වැළඳි ඇත්නම් වහාම ළඟම පිහිටි රජයේ රෝහලේ චර්ම රෝග සායනය වෙත පැමිණෙන්න ලෙස චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පවසයි.  
 

More News..