brand logo
logo

කොළඹ නගරසභා භූමියේ ගොඩනැගිල්ලක ඉදිකිරිම් නවතන ලෙස දැනුම් දේ

09 July 2021

පෞරාණික වටිනාකමට හානිවන ලෙස කොළඹ නගර සභා ගොඩනැගිල්ලේ රුපියල් කෝටි 30 කට අධික මුදලක් වැයකරමින් ඉදිරිකිරීමට සූදානම් වූ මන්ත්‍රීවරුන්ගේ විවේකාගාරයේ ඉදිකිරීම් ආණ්ඩුකාරවරයාගේ මැදිහත්වීමෙන් නතරකර තිබේ. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරකින් තොරව මෙම ගොඩනැගිල්ල ඉදිරිකිරීමට සූදානම් වූ බවට ලද පැමිණිල්ලකට අනුව වහා අත්හිටුවීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක මහතා පියවර ගෙන ඇත. ඒ අනුව එම මන්ත්‍රීවරුන්ගේ විවේකාගාරයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව' අත්හිටුවා ඇති බව කොළඹ නගර සභාවේ උසස් නිලධාරියකු පැවසීය.
 

More News..