පාසල් යළි විවෘත කරන්න ජනපති අවධානය යොමු වේ
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(10) පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේ දී පාසල් යළි විවෘත කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබේ.
2020 සහ 2021 වසරවල පාසල් නොපැවැත්වීමෙන් ලක්ෂ 07කට ආසන්න දරුවන් පිරිසකට ප්‍රාථමික අධ්‍යාපනයත් එවැනිම දරුවන් සංඛ්‍යාවකට පූර්ව ළමාවිය අධ්‍යාපනයත් අහිමිවීමෙන් සිදුවී ඇති බලපෑම මෙම සාකච්ඡාවට ලක්වී තිබේ.
සිසුන් 100ට අඩු පාසල් 3,000කට අධික සංඛ්‍යාවක් ග්රාමීයව විහිදී පවතින බැවින් පළමුව එම පාසල් විවෘත කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයාබලා කඩිනම් නිර්දේශ ලබාදීම සඳහා සෞඛ්‍ය සහ අධ්‍යාපන නිලධාරීන්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් වෙත පැවරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.