brand logo
logo

ගිනි නිවන හමුදාවේ භටයින් දෙදෙනෙකුට කොවිඩ්

28 July 2021

ගිනි නිවන සේවා දෙපාර්තමේන්තු මූලස්ථානයේ භටයින් දෙදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට අද තහවුරු වී තිබේ.

ගිනි නිවන හමුදාවේ උසස් නිලධාරියෙකු පැවසුවේ ඊයේ (27) සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකින් ඔවුන් කොවිඩ් ආසාදිතයින් බවට හදුනාගත් බවයි. කොවිඩ් ආසාදනය වූ එම භටයින් දෙදෙනා ද ඇතුළත් දසදෙනෙකුගෙන් සමන්විත භට කණ්ඩායමක් නොරොච්චෝලේ බලාගරයේ සේවය සදහා යෙදවීමට සූදානම් කිරීම සදහා සිදුකළ පරීක්ෂණයකදී ඒ බව තහවුරු වී ඇත. කොවිඩ් ආසාදිත එම භටයින් දෙදෙනා සමග බැරැක්කවල රැදී සිටි ගිනි නිවන භටයින් හතළිස්දෙනෙකු පමණ කොවිඩ් ආශ්‍රිතයින් ලෙස සැලකෙන අතර, ඔවුන් ද කොවිඩ් පරීක්ෂණයකට ලක් කිරීමට නියමිතයි.
 

More News..