සතා නම් කරපු පුතා හොයයි
ජාතික සත්වයා ලෙස හඳුන්වන දඬුලේනා වගා හානි කරන සත්වයෙක් වීම හා ඌ අපේ රටට ආවේණික සත්වයෙක් නොවීම නිසා ජාතික සත්වයා යන හැඳින්වීමෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.
දඬුලේනා ජාතික සත්වයා ලෙසට නම් කලේ කවුද යන්න ගැටලුවක් වී තිබෙන බවද ගැටළුවක් බවට පත්ව තිබේ.
එමෙන්ම දඬුලේනා පොල් හා කොකෝවා බරපතළ ලෙස හානි කරන සත්වයෙක්ද වී ඇත.
විනාශකාරී සත්වයෙක් වන දඬුලේනා ජාතික සත්වයා ලෙස නම් කිරීමෙන් ඌට ආරක්ෂාවක් සැලසී ඇති අතර එමගින් වගා හානිය බරපතළ ලෙස සිදු වනු ඇත.
ඒ අනුව අපේ රටට ආවේනික වූ වඳ වී යන සත්වයෙක් ජාතික සත්වයා ලෙස නම් කිරීමට දැනට කටයුතු සැලසුම් කරමින් සිටියි.