තේ රබර්, පොල්වලට බලංගොඩ හා ඒප්පාවල නිධිවලින් නව පොහොරක්
24 July 2021
තේ රබර්, පොල්වලට බලංගොඩ හා ඒප්පාවල නිධිවලින් නව පොහොරක්
24 July 2021
බලංගොඩ කැල්සයිට් නිධියේ සහ එප්පාවල පොස්පේට් නිධියේ ඛනිජ යොදාගෙන පොහොර වර්ගයක් නිෂ්පාදනය කිරීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පශ්චාත් උපාධි ආයතනය සැලසුම් කර ඇත.
කැල්සයිට් නිධියෙන් මැග්නීසියම් පොහොර නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතින බවත්. කැල්සයිට් නිධියෙන් ලබාගන්නා මැග්නීසියම් සහ එප්පාවල පොස්පේට් නිධියෙන් ගන්නා පොස්පරස් එකතු කර පොහොර වර්ගයක් නිෂ්පාදනය කළ හැකි බව විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පීඨාධිපති මහාචාර්ය ටී.එම්.ජී.ඒ. පිටවල කීවේය.
පොහොර නිෂ්පාදන කටයුතුවලදී නයිට්‍රිජන්, පොස්පරස්වලට අමතරව කැල්සියම්ද අවශ්‍ය බව මහාචාර්යවරයා පැවැසුවේය.
බලංගොඩ කැල්සයිට් නිධියේ සහ එප්පාවල පොස්පේට් නිධියේ ඛනිජ යොදාගෙන තේ, රබර් සහ පොල් වගාවන්ට යෙදිය හැකි පොහොර වර්ගයක් නිෂ්පාදනය කළ හැකි බවද ඔහු සඳහන් කළේය.
එප්පාවල පොස්පේට් නිධියෙන් නිසි ප්‍රයෝජනයක් නොගත හොත් එම සම්පත විනාශ වී යා හැකි බවද මහාචාර්යවරයා කියයි.
එප්පාවල පොස්පේට් නිධිය පිළිබඳව පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් පසුගිය වසර දහයක, පහළොවක කාලය තිස්සේ පර්යේෂණ සිදුකර තිබෙන බවද ඔහු සඳහන් කළේය.
සාලිය කුමාර ගුණසේකර