roadBlockMobile
brand logo
logo

දරුවන් දරුකමට හදා ගන්න පරිවාසෙට ඉල්ලීම් දහඅට දහසක්

02 August 2021

ළමා දිනය දා සෙනෙහස නමින් අලුත් වැඩක් ඇරඹේ

දරුවන් දරුකමට හදාවඩා ගැනීම සඳහා අනුග්‍රාහක දෙමාපියන්ගෙන් ඉල්ලීම් දහඅට දහසක් පමණ ලැබී ඇති බව පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම රජයේ හා පළාත් සභාවල පිහිටි පරිවාස දෙපාර්තමේන්තු කාර්යාලවල මෙම අනුග්‍රාහක දෙමාපියන් ලියාපදිංචි වී තිබේ.

විශේෂයෙන්ම දරුවන් නොමැති යුවළද මේ අතර වන බව පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරස් සුධීර නිලංග විතාන ප්‍රකාශ කළේය. නීතිමය ක්‍රියාාමර්ග අවසන් වී‍මන් පසු දරුවන් අනුග්‍රාහක මව්වරුන් වෙත ලබාදීමේ වැඩපිළිවෙළ වෙනස් කිරීමට ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

I Was Adopted—Here's What Everyone Gets Wrong About Adoption | Reader's  Digest දරුකමට දරුවන් හදා වඩා ගැනීමේ වැඩපිළිවෙළ වංචනික ලෙස යොදා ගැනීමට ඇතැමුන් කටයුතු කිරීම, තැරැව්කරුවන් මැදිහත් වීම ඊට හේතුවයි.

‘සෙනෙහස’ නමින් හඳුන්වන නව වැඩපිළිවෙළ යටතේ දරුවන් අනුග්‍රාහක මව්වරුන් ළඟ නොතබා ස්වභාවික පවුල තුළ රඳවා හදා වඩා ගැනීමට අවස්ථාව උදාකරන බව නියෝජ්‍ය කොමසාරිස්වරයා කියා සිටියේය.

අනුග්‍රාහක දෙමාපියන් සියලු වියදම් දැරිය යුතු අතර, මාස හයකට වරක් පසු විපරම් වාර්තාවක්ද ලබාගැනීමට නියමිතය. දරුවාට වයස අවුරුදු 18 සම්පූර්ණ වීමෙන් අනතුරුවද උසස් අධ්‍යාපනයට, වෘත්තීය කටයුතු සඳහා සහයෝගය ලබාදීමටද අනුග්‍රාහක දෙමාපියන්ට අවස්ථාව උදාවෙයි. නව වැඩපිළිවෙළ ඔක්තෝබර් මස 01 වැනි දිනට යෙදී ඇති ලෝක ළමා දිනයේදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. උදයජීව ඒකනායක
 

More News..