roadBlockMobile
brand logo
logo

දුම්රිය වර්ජනයෙන් පලතුරු, එළවළු මග කුණුවෙයි

05 October 2019

දුම්රිය මගින් ප්‍රවාහනය කිරීම සඳහා ඒ ඒ දුම්රිය ස්ථානවලට භාර දුන් පාර්සල් බොහෝමයක් දුම්රිය වැඩවැරුම හේතුවෙන් ඒ ඒ තැන්වල ගොඩ ගැසී ඇතැයි වාර්තා වේ. එලෙස දුම්රිය ස්ථානවල ඇති පාර්සල්වල අඩංගු ඇතැම් ද්‍රව්‍ය මේ වන විට නරක්වීමට ආසන්නව ඇතිව බවද දැන ගැනීමට ඇත. අදට (06 වැනිදා) වන විට දින දහතුනක් තිස්සේ දුම්රිය රියැදුරු ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් වැටුප් විෂමතාවක් මුල් කර ගනිමින් ආරම්භ කළ වර්ජනය නිසා ජනතාව භාරදුන් භාණ්ඩ පාර්සල් බොහෝමයක් ප්‍රධාන දුම්රිය ස්ථානවල හා ප්‍රධාන දුම්රිය මංසන්ධිවල ගොඩගැසී ඇති බව වාර්තා වේ. මෙම නිසා පලතුරු, එළවළු ආදිය පාර්සල් බොහෝමයක් නරක් වීමට ලක්වී ඇත. මේ සම්බන්ධයෙන් දුම්රිය වෙළෙඳුන් හා අලෙවිකරුවන්ගෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයකු පැවසුවේ යළි දුම්රිය ගමන් ආරම්භ කළ පසු කඩිනමින් පාර්සල් බෙදාහැරීම ආරම්භ කරන බවයි. මේ අතර රජය දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් බවට පත් කරමින් පසුගිය බ්‍රහස්පතින්දා ගැසට් පත්‍රයක් නිකුත් කළ අතර පසුගිය සිකුරාදා සිට සියලුම සේවකයන්ගේ නිවාඩුද අවලංගු කළේය. එහෙත් වෘත්තීය සමිති පවසන්නේ සිය ඉල්ලීම්වලට පිළිතුරු ලබාදී මර්දන ක්‍රියාවලිය නතර කරන තෙක් වර්ජනය සිදුකරන බවයි. චමින්ද සේනාරත්න
 

More News..