දුෂ්කර පාසල් පහකට පුස්තකාල පහසුකම්
01 October 2020
දුෂ්කර පාසල් පහකට පුස්තකාල පහසුකම්
01 October 2020
සෑම පාසලකටම පුස්තකාල සහ ක්‍රීඩා පහසුකම් දීමෙන් දරුවාගේ මානසික සහ ශාරිරික නිරෝගීකම රැකගත හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ජනාධිපතිතුමා සදහන් කළේ පසුගිය දිනවල දිවයින පුරා කළ චාරිකාවලදී තමන්ට වඩාත් පැහැදිළි වූ බවයි.
ලෝක ළමා දිනයට සමගාමීව අරඹමින් අද (01) පෙරවරුවේ පාසල් 05ක දරුවන් ජනාධිපති කාර්යාලයට කැඳවා එම පාසැල් සඳහා ජංගම පුස්තකාල පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්‌වෙමින් ජනාධිපතිරවයා මේ බව සදහන් කළේය.
ඉතා දුෂ්කර ප්‍රදේශ රැසක දරුවන්ගේ ඉල්ලීම පරිදි ක්‍රීඩා පිටි රැසක් සංවර්ධනය කෙරෙමින් පවතින අතර, දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කෙරෙන පරිදි තෝරාගත් පාසල් 25ක් සඳහා පුස්තකාල පහසුකම්දීම ආරම්භ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශ සඳහන් කළේය.
“ලෝක ළමා දිනය” සැමරෙන ඔක්තෝම්බර් 01 වනදායින් “කියවිමේ මාසය” ද ඇරඹේ.
පුත්තලම, ලුණුවිල අනුරුද්ධ මධ්‍ය මහා විද්‍යාලය, ගම්පොළ, දොළොස්භාගේ කණිෂ්ඨ විද්‍යාලය, තර්මපුරම් රජයේ දෙමළ මිශ්‍ර පාසල, කුරුවිට විජය කුමාරතුංග විද්‍යාලය සහ ගාල්ල, පිලාන විද්‍යාර්ථෝදය මහා විද්‍යාලය සඳහා සංකේතාත්මකව පුස්තකාල පරිත්‍යාග කෙරිණ.
ධාවනයෙන් ඉවත් කළ පැරණි බස් රථ අලුත්වැඩියා කර දරුවන්ගේ සිත් ගන්නා පරිදි පුස්තකාල සකස් කර තිබේ. අංගසම්පූර්ණ එක් පුස්තකාලයක් සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියනයකට ආසන්න වේ.
මොබිටෙල් ආයතනය ඊ-පුස්තකාල පහසුකම් සපයා තිබෙන අතර ඒ ඔස්සේ සිසුන්ට තොරතුරු අධ්‍යයනය කිරීමේ සහ ඊ-ග්‍රන්ථ පරිශීලනය කිරීමේ හැකියාව ලැබේ.
ලංකා ගමනා ගමන මණ්ඩලය, ශ්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල්, මනුසත් දෙරණ සහ ජාතික පුස්තකාල ප්‍රලේඛන මණ්ඩලය පුස්තකාල ව්‍යාපෘතියට අනුග්‍රහකත්වය සපයයි.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී ප්‍රකාශකයන් විසින් පරිත්‍යාග කරන ලද ග්‍රන්ථ ද පුස්තකාල වෙත භාර දෙනු ලැබිණ.
දරුවන් සමග පොත පත පිළිබඳ තොරතුරු සාකච්ඡා කරමින් කථා බහක නිරත වූ අතර ඔවුන්ට ජනාධිපති කාර්යාලය නැරඹීමට ආරාධනා කළේය.













