roadBlockMobile
brand logo
logo

නාවින්න ආයුර්වේද රෝහල කොවිඩ් ප්‍රතිකාර සඳහා

02 June 2021

නාවින්න බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණ ආයතනය කොරෝනා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත්කර තිබේ. සෞඛය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හා දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) දිනයේ සිදු කෙරුණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත අයුර්වේද රෝහල් කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය බවට පත් කිරීමේ වැඩසටහනේ ප්‍රථම ආයුර්වේද රෝහල මෙය වෙයි. මේ අනුව එම නාවින්න ආයුර්වේද රෝහලේ පිරිමි පුද්ගලයන් 65කට සහ කාන්තා රෝගීන් 35 කට ප්‍රතිකාර ලැබිය හැකිය. තවද ඇඳන් 10 කින් යුත් භික්ෂු වාට්ටුවකින්ද සමන්විතය. මේ අතර රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ අදහසකට අනුව නිර්මාණය කළ සුවධරණී ජංගම දුරකථන යෙදුම හඳුන්වාදීම ද සිදුවිය. ඒ අනුව රෝහල්ගත කළ මොහොතේ සිට පිටව යන මොහොත දක්වා රෝගියාගේ රෝග නිශ්චය කිරීමට එමගින් සිදුකිරීමට වෛද්‍යවරයාට හැකියාව ලැබේ.
 

More News..