‘කිසිවෙක් අතහැරෙන්න දෙන්න එපා’
ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 31කට සුබසාධක ප්‍රතිලාභ ලබාදීමේ වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසුවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (06) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
‘කිසිවෙක් අතහැරෙන්න දෙන්න එපා’ යන තේමාව යටතේ රටේ සියලු ම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පැවසූ රාජ්‍ය අමාත්‍යාවරයා වැඩිදුරටත් සඳහන් කළේ අදාල වැඩසටහන යටතේ, සමෘද්ධි, වැඩිහිටි පුද්ගල, ආබාධිත පුද්ගල සහ වකුගඩු රෝගී ජීවනාධාර වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබන පවුල් හෝ පුද්ගලයන් , සහනාධාර අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනවල සිටින පුද්ගලයන් මෙන්ම වත්මන් ආර්ථික අර්බුදයේ බලපෑමට ලක්ව රජයේ සුභසාධන ප්‍රතිලාභ අපේක්ෂා කරන පුද්ගලයන්ට එහි ප්‍රතිලාභ හිමි වන බවයි.
තව ද අදාල වැඩසටහනට සම්බන්ධයෙන් මේ විටත් ප්‍රතිලාභ අපේක්ෂකයින් වෙතින් අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති අතර, එහි අවසන් දිනය ඔක්තෝබර් මස 15 දින දක්වා දීර්ඝ කිරීමට කටයුතු කළ බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
එසේ ම සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ වෙබ් අඩවියෙන් (www.wbb.gov.lk) මීට අදාළ අයදුම්පත ඕනෑම අයෙකුට බාගත කරගැනීමට අවස්ථාව තිබෙන බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.