brand logo
logo

පේරාදෙණියේ සරසවියේ සිසුන් 8දෙනෙකුට කොවිඩ්

15 February 2021

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ සිසුන් 08 දෙනකු කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇති බවට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී තහවුරු වී ඇති බව පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියයි. මීට පෙර එම පීඨයේ එක් සිසුවකුට වයිරසය ආසාදනය වී ඇති අතර එම සිසුවාගේ ආශ්‍රිතයන් 48 දෙනෙකු නිරෝධායනයට ලක් කිරීමෙන් අනතුරුව සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී සිසුන් අටදෙනාට වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව ඔවුන් පොල්ගොල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය කරා යොමු කොට තිබේ. එම සිසුන් අට දෙනාගේ ආශ්‍රිතයන් 250 දෙනකු නිරෝධායනයට ලක් කොට ඇති බවද සෞඛ්‍ය අංශ කියයි .   කමල් සුරවීර -මහනුවර
 

More News..